ඒ.එස්.පී. ඕලුගලට තවත් වගකීමක්

(නිමල් දයාරත්න)
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.
ඒ මහතා දැනට දරණ තනතුරට අමතරව විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මුලු දිවයිනම ආවරනය වන පරිදි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම හා සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇත.
ප්‍රධාන පෙළේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා දේශීය සහ අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රැසක් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල විසින් මෙහෙයවා ඇත.
