චීනයේ එකම පවුලක 11කට මරණ දඬුවම්

චීනයේ එකම පවුලක 11කට මරණ දඬුවම්

මියන්මාරයේ වංචා මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය කුප්‍රකට පවුලක සාමාජිකයින් 11 දෙනෙකු චීනය විසින් මරණ දඬුවමට ලක් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මනුෂ්‍ය ඝාතන, නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීම, වංචා කිරීම සහ සූදු පිටි පවත්වාගෙන යාම යන චෝදනාවලට අදාලව පසුගිය සැප්තැම්බර් මාසයේදී මොවුන්ට මරණ දඬුවම් නියම කරන ලද්දේ චීනයේ ෂිජියැන්ග් පළාතේ අධිකරණයක් විසිනි.
චීන දේශසීමාවට ආසන්නව පිහිටි මියන්මාරයේ ලුකායිං නගරය පාලනය කළ පවුල් කිහිපයෙන් එකක් වන්නේ මෙම මිං පවුලයි.
ඔවුන්ගේ පාලනය යටතේ මෙම නගරය කැසිනෝ සහ ගණිකා නිවාසවලින් සමන්විත ප්‍රදේශයක් බවටද පත් වී තිබුණි.
වසර ගණනාවක් තිස්සේ දහස් සංඛ්‍යාත චීන කම්කරුවන් පිරිසක් මෙම මධ්‍යස්ථාන තුළ සිරකරගෙන ඔවුන් විවිධ අපරාධ හා අපචාර ක්‍රියා සඳහා යොදවාගෙන තිබුණි.
2015 සහ 2023 අතර කාලය තුළ මෙම මිං මාෆියාව වංචනික ක්‍රියා සහ සූදු පිටි හරහා යුවාන් බිලියන 10කට වඩා උපයාගෙන ඇති බවද පැවැසේ.
පසුගිය නොවැම්බර් මාසයේදී අධිකරණය ඔවුන්ගේ අභියාචනාද ප්‍රතික්ෂේප කර තිබුණි.

Share This