කැලිෆෝනියා වෙරළ තීරයේ භූමිකම්පාවක් – ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.0 ක්

කැලිෆෝනියා වෙරළ තීරයේ භූමිකම්පාවක් – ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.0 ක්

උතුරු කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් ප්‍රබල භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ වාර්තාවන්ට අනුව එහි ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.0 ක්.

මෙම තත්ත්වය හමුවේ මිලියන 4.7 ක පමණ ජනතාවක් ඇතුළත් ප්‍රදේශයක් වන උතුරු කැලිෆෝනියාවේ සහ දකුණු ඔරිගන් හි වෙරළ තීරයේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කරන ලද නමුත් පසුව එය අවලංගු කරන ලද බව සඳහන්.

විදෙස් වාර්තාවන්ට අනුව භූමිකම්පාවෙන් කිසිදු මරණයක් හෝ විශාල පුලුල් හානියක් වාර්තා වී නොමැත.

ව්‍යසනකාරී විනාශයක් සිදුවී නොමැති නමුත් ඇතැම් නිවාසවලට සුළු හානි වාර්තා වී ඇති අතර විදුලිය විසන්ධි වීම් ද වාර්තා වුණු බව සඳහන්.

Share This