ව්‍යාපාර සාර්ථක වන දිනයක් – අද දවස ඔබට කොහොමද
2024.12.06 සිකුරාදා
මේෂ
ශුභවාදී ඵල දෙයි. ක්‍රියාශීලීව කටයුතුවල යෙදෙන දිනකි. අතරමඟ නතර කළ රාජකාරි ඉදිරියට කරගෙන යෑමේ ශක්තිය ඇතිවෙයි. සමාජ සද්කාරක ක්‍රියා ආදියෙහි යෙදෙන, ලාභ ලබන දිනකි. සිරසගත රෝග මතුවේ.
වෘෂභ
දුර ගමන් සැලසුම් කරයි. උත්සව සාද වැනි දේවල් යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. තරමක් බලාපොරොත්තු නොවන ලෙස වැයපස ඉහළ යයි. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. සෙම් කෝප රෝග මතු කරයි.
මිථුන
ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. ගමන් බිමන් යෙදෙන අතර තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව ක්‍රියා කරයි. අලංකාර කටයුතු යෙදෙන අතර වැයපස ඉහළ යන දිනකි. භූමි ලාභ දෙයි. සන්ධි රෝග, ඉදිමුම් රෝග මතු කරයි.
කටක
ක්‍රියාශීලි දිනකි. තරමක් වෙහෙසව ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන් යෙදෙන අතර ආගමික ක්‍රියාවල ද යෙදේ. ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. හදිසි ලාභ ලබයි. මුත්‍රා ආසාදන මතු කරයි.
සිංහ
ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තරමක් ක්‍රියාශීලි දිනකි. තම ව්‍යාපාරවල දියුණුවක් පෙනේ. අවිවේකියි. සුබ ගමන් බිමන් යෙදේ. තරමක් වැයපස ඉහළ යයි. දන්ත රෝග, මුඛ රෝග මතුවෙයි.
කන්‍යා
ශුභාශුභ මිශ්‍ර ඵල උදා කරයි. කෙටි ගමන් බිමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියා කරයි. වෙළහෙළඳාම්වල යෙදෙන්නන්ට ශුභ ඵල දෙයි. ස්නායු සම්බන්ධ රෝග මතු කරයි. ප්‍රීති සාද යෙදේ.
තුලා
ශුභාශුභ ඵල දෙයි. අලස ගති ඉස්මතු කරයි. නිවසේ ක්‍රියාකාරකම්වල යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත වැයපස ද ඉහළ යයි. මූල රෝග, බඩවැල් ආශ්රිත රෝග මතු කරයි.
වෘශ්චික
ශුභවාදී ඵල දෙයි. කෙටි ගමන් යෙදේ. පොදු සේවා ක්‍රියාවන්හි යෙදේ. අවිවේකී දිනකි. තරමක් ආවේගශීලි ගති මතු කරයි. ව්‍යාපාර දියුණුව පෙනේ. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ප්‍රීති සාද යෙදේ.
ධනු
ශුභාශුභ ඵල මතු කරයි. කෙටි ගමන් බිමන්වලට හේතුයි. සතුරු බලපෑම්වලට හේතුවන බැවින් ක්‍රියාකාරීකම්වල ද බුද්ධිමත් වීමද මැනවි. වැයපස ද තරමක් ඉහළ යන දිනකි. මුත්‍රා ආසාදන මතු කරයි.
මකර
ශුභාශුභ ඵල ගෙන දෙයි. තරමක් කලකිරීම් මතු කරයි. ආවේගශීලි ගති මතුවෙයි. මිතුරන් දුරස්ථ කරවන ක්‍රියාවලට හේතුවන බැවින් ඉවසීම මැනවි. හදිසි ලාභ ගෙන දෙයි. සන්ධි ප්‍රදාහ මතු කරයි.
කුම්භ
සාමාන්‍ය ලෙසින් දවස ගෙවේ. රැකියාවලදී තරමක් සිත් චංචල කරවයි. තම ඥාති මිත්‍රාදීන් වෙනුවෙන් කාලය හා ධනය වැය කරයි. අවිවේකි බවද ගෙන දෙයි. හදිසි ධන ලාභ දෙයි. සිරසගත රෝග මතු කරයි.
මීන
ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. රාජකාරිවලදී ප්‍රබෝධයෙන් ක්‍රියා කරයි. තම ව්‍යාපාර ද තරමක් දියුණුවට පත්වන අතර ඇසුරු කරන්නන්ගේ උදව් උපකාර ද ලබන දිනකි. අභ්‍යන්තර ඉන්ද්රියයන්හි රෝග මතු කරයි.