දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉතිහාසගත බදු ආදායමක්

(ඉන්දීවරි අමරසිරි)
ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම මේ වසර තුළ වාර්තා කිරීමට සමත් වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.
එම දෙපාර්තමේන්තුව මේ වසර තුළ රුපියල් බිලියන 2,002.241ක් වාර්තා කර ඇති අතර එය 2024 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 60,079ක වැඩි වීමක් බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
2024 සමස්ත වර්ෂය තුළදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රැස්කරන ලද රුපියල් මිලියන 1,942,162ක බදු ආදායම සමඟ මේ වසරේ නොවැම්බර් මස (17) වන දින බදු ආදායම රුපියල් මිලියන 2,002,241ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්ව තිබේ.
