ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් පූර්ව තරගයට

(ඉෂාර ගයාෂාන්)
2025 නැගී එන තරු ආසියානු ක්‍රිකට් විස්සයි-20 තරගාවලියේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ඊයේ (19දා) සමත් විය. ඒ බංග්ලාදේශ ඒ කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 6කින් ජයග්‍රහණය කරමින්ය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 159ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් සහන් ආරච්චි ලකුණු 69ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 23ක් ලබා ගත්තේය.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 160ක ඉලක්කයක් ලබා ගැනීමට පිටියට පැමිණි බංග්ලාදේශ ඒ කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 153ක් පමණි.
ඒ අනුව තියුණු තරගයකින් පසු ලකුණු 6කින් ජය ගැනීමත් සමග අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ පිත්තෙන් ලකුණු 23ක් සහ පන්දුවෙන් කඩුලු 3ක් ලබා ගනිමින් තුන්ඉරියව් දක්ෂතා දක්වමින් තරගයේ වීරයා සම්මානය ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමු වටයේදී තරග 3කට ක්‍රීඩා කර එයින් හොංකොං කණ්ඩායම සහ බංග්ලාදේශය ඒ කණ්ඩායම සමග පැවති තරගය ජය ගැනීමට සමත් වූ අතර ඇෆ්ගනිස්ථානය ඒ කණ්ඩායම සමග පැවති තරගය පරාජයට වීමට සිදු විය.
ඒ අනුව ඒ කාණ්ඩයෙන් දෙවැනි ස්ථානය ලබා ගනිමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අවසන් පූර්ව තරගය හෙට පාකිස්තාන් ශාහින්ස් කණ්ඩායම සමග ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 8.00ට තරග වදියි.
