කටහඬින් ගුවන් විදුලිය හැඩ කළ චිත්‍රා දිවි සැරිය නිම කරයි

(විනීතා එම්. ගමගේ)
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා චිත්‍රා කුමාරි කළුබෝවිල දිවි සැරිය නිම කළාය.
මියයන විට 69 වැනි වියේ පසු වූ ඇය ළමා පිටියෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට පිවිසි අතර නිවේදන කටයුතුවල විවිධ ඉසව් ඔස්සේ සිය හැකියා පෙන්වූ ශිල්පිනියකි.
ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ද සුවිශේෂී දක්‍ෂතා පෙන්වූවාය. වැඩසටහන් නිෂ්පාදන අංශයේ අධ්‍යක්‍ෂිකාව ලෙස විශ්‍රාම ගත්තත් ඇය අසනීප වන තෙක්ම එනම් මීට මාසයකට ඉහත කාලය දක්වා ම ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදනය සඳහා එක්ව තිබේ.
ඇයගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇත.
