විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවට

(විනීතා එම්. ගමගේ)
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පත සඳහා නීතිපති නිෂ්කාශනය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
එකී කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පලකිරීමටත්, අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අනුමැතිය හිමිව ඇත.
පාර්ලිමේන්තුවට තේරී පත්වූ නියෝජිතයන්ට හා ඔවුන්ගේ කලත්‍රයන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප් අහෝසි කිරීම අරමුණු කරගෙන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත්කිරීම සඳහා මෙම කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබීය.
ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම සඳහා ඉකුත් ජුනි 16 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ප්‍රතිපත්තිමය අනුමැතිය ලැබිණි.
