අවාරයේ තනිවම ශ්‍රී පාද කරුණා කළ කසුනි

අවාරයේ තනිවම ශ්‍රී පාද කරුණා කළ කසුනි

(වාද්දුව – ජේ.ජේ.හෙට්ටිආරච්චි)
ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයකි. වාරයේ මෙන්ම අවාරයේද බොහෝ පිරිසක් ශ්‍රී පාද කරුණා කරති.
නඩයක් වශයෙන් හෝ කිහිප දෙනෙක් එකතු වී එම වන්දනා ගමන සිදු කිරීම සාමාන්‍ය දෙය වුවත් තරුණියක අවාරයේ තනිවම ශ්‍රී පාදය කරුණා කළා කීවොත් විටෙක එය මවිතයට ද කරුණකි.
2021 වසරේ පටන් කඳු තරණය විනෝදාංශයක් කර ගත් අවිස්සාවේල්ල, කොස්ගම පදිංචි කසුනි චමල්කා පසුගියදා ප්‍රථම වරට ශ්‍රී පාද අඩවිය තනිවම තරණය කලේ හිතේ දැඩි විශ්වාසය සමඟ ශ්‍රද්ධාවද පෙරදැරි කර ගනිමිනි.
“රැකියාව සහ ඒකාකාරී ජීවන රටාවෙන් යම් තරමක හෝ මිදෙන්නට මම විනෝදාංශයක් ලෙස කඳු නැඟීම කරනවා. අම්මා තාත්තා මුලින්ම අකමැති වුණා. දැන් නම් ටිකක් කැමත්ත ලබා දී තිබෙනවා.
වාර සමයේ මම දාහත් වතාවක් ශ්‍රී පාදය කරුණා කර තියෙනවා. වාරයේ අඩුම තරමේ හතර පාරක්වත් කරුණා කරනවා. මුලින්ම පිරිසක් සමඟ ගියත් පසුව තනියම තමයි කරුණා කළේ.
ඔය අතරේ තමයි අවාරයේත් ශ්‍රී පාදය කරුණා කරන්න හිතුනේ. ඒ අනුව පසුගිය දා පලමු වරට මම අවාරයේ ශ්‍රී පාදය කරුණා කළේ” කසුනි චමල්කා පවසන්නීය.

Share This