තලාහේන ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි කැපූ අයෙක් විදුලිසර වැදී මරුට

තලාහේන ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි කැපූ අයෙක් විදුලිසර වැදී මරුට

මාලබේ, තලාහේන, විජයමාන ප්‍රදේශයේ දී ට්‍රාන්ස්ෆෝමරයක තඹ කම්බි කපමින් සිටි පුද්ගලයකු විදුලි සර වැදී මියගොස් ඇතැයි මාලබේ පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැත.
අඩි 15ක් පමණ උස ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැග මෙලෙස තඹ කම්බි කපන්නට උත්සාහ ගෙන ඇතැයි පොලිසිය කියයි. එහිදී හිසට ඉහළින් තිබූ විදුලි රැහැනක ඔලුව ගැටී විදුලි සර වැදී ඔහු බිම ඇද වැටී ඇත.
මොහු අත තිබූ පිහියක් හා ලී කොටයක් ද පොලිසිය භාරයට ගෙන ඇත. මෙම සිද්ධියත් සමග එම ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීමක් ද සිදුව ඇත. මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Share This