පොහොට්ටු මොරටු ආසන සංවිධායක නීතිඥ මනෝජ් ගමගේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොරටුව ආසන සංවිධායක ලෙස නීතිඥ මනෝජ් ගමගේ මහතා පත් කර ඇත.
පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නීතිඥ මනෝජ් ගමගේ මහතා පසුගිය 06දා මීට අදාළ පත්වීම් ලිපිය බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේදී එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතින් ලබා ගත් අයුරු.