නේපාලයට ඉතිහාසගත තරගාවලි ජයග්‍රහණයක්

(ඉෂාර ගයාෂාන්)
නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර පැවැත්වෙන විස්සයි-20 තරගාවලියේ ඊයේ (29දා) පැවැති දෙවැනි තරගය ලකුණු 90කින් ජයග්‍රහණය කරමින් නේපාලය ඉතිහාසගත තරගාවලි ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.
දෙවැනි තරගය ඊයේ (29දා) සාජාහිදී ආරම්භ වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේපාලය කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 174ක ඉලක්කය ලබා ගැනීමට පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 83ක් පමණි.
ඒ අනුව ලකුණු 90කින් ජයග්‍රහණය කිරීමට නේපාලය සමත් විය. පළමු තරගයත් ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට නේපාලය සමත් විය. අයි.සී.සී. පූර්ණ සාමාජික රටක් සමග පැවැති තරගාවලියක් නේපාලය ජයග්‍රහණය කර පළමු අවස්ථාව ලෙස මෙය හඳුන්වාදිය හැක. බටහිර ඉන්දීය කණ්ඩායම විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල 06 වැනි ස්ථානයේ සහ නේපාලය විස්සයි-20 ශ්‍රේණිගත කිරීම්වල 18 වැනි ස්ථානයේ පසු වෙයි.
මෙම ජයග්‍රහණය ලබන වසරේ ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සත්කාරත්වයෙන් ආරම්භ වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියා-පැසිෆික් කලාපීය තරගාවලිය සඳහා නේපාලයට හොඳ පෙරහුරුවක් වේ.
නේපාලය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තෙවැනි විස්සයි-20 තරගය අද (30) සාජාහිදී ආරම්භ වේ.