මාලිමා මන්ත්‍රින්ගේ වැටුප් පක්‍ෂ අරමුදලට බැර කිරීමට එරෙහිව ගම්මන්පිලගෙන් පැමිණිල්ලක්

මාලිමා මන්ත්‍රින්ගේ වැටුප් පක්‍ෂ අරමුදලට බැර කිරීමට එරෙහිව ගම්මන්පිලගෙන් පැමිණිල්ලක්

(ශිරාන් රණසිංහ)
ජාතික ජන බලවේග ආණ්ඩුවේ සිටින මන්ත්‍රිවරු 159දෙනා මාාසිකව ලබා ගන්නා රුපියල් කෝටි තුනකට අධික මුදල පක්‍ෂ අරමුදලට බැර කර දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම මහජන මුදල් අවභාවිතා කිරීමක් යැයි ද ඒ අනුව ඒ පිළිබඳ වහා විමර්ශනයක් කරන ලෙස පිවිතුරු හෙළි උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අල්ලස් කොමිසමට 29දා පැමිණිල්ලක් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සඳහා හිමි මන්ත්‍රි වැටුප දේශපාලන පක්‍ෂයකට ලබාගත නොහැකි බව ද ගම්මන්පිල මහතා පැවැසීය.
මෙම මන්ත්‍රි වැටුප් ලබාදීම සිදුකරනු ලබන්නේ දුරකථන බිල් ගෙවීම, ඉන්ධන, කාර්යාල, නඩත්තු කිරීම ආදියට බවත් එම මුදල් යොදවා පක්‍ෂ අරමුදලට යැවීමට නොහැකි බවත් ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.
මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට කළ පැමිණිල්ලේ ජාතික ජන බලවේග මන්ත්‍රිවරයෙක්ගේ වැටුප් පත්‍රිකාවක් ද අඩංගු කර ඇත.

Share This