හිටපු මහ බැංකු අධිපති වෙස් මාරු කරගෙන

(ශිරාන් රණසිංහ)
මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළ විමර්ශන වලට අවශ්‍ය හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්දන් සිය නම වෙනස් කර සිංගප්පූරු ජාතිකයෙකු සේ වෙස් මාරු කරගෙන ඇතැයි මෙරටට තොරතුරු ලැබී ඇත.
මහ බැංකු සිද්ධියට අදාළ විමර්ශන සදහා ඔහුව මෙරටට ගෙන ඒමේ සියලු උත්සාහයන් ක්‍රමානුකූලව සිදුවන බවත් එහෙත් එරට තුළ ක්රීයාත්මක නීතිය නිසා කටයුතු පමා වි තිබෙන බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද ව්ජේපාල මහතා කියයි.එහෙත් එම උත්සාහය අත්නොහරින බවද ඇමතිවරයා සඳහන් කරයි.