සංශෝධන විගණන පනත් කෙටුම්පතට කථානායකගේ අනුමැතිය

සංශෝධන විගණන පනත් කෙටුම්පතට කථානායකගේ අනුමැතිය

2025.07.08 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025.09.11 දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා 22දා අත්සන් කළේය.
ඒ අනුව විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන අධිභාර පැනවීම සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා එහි සංයුතිය, කාලසීමාවන් සහ ක්‍රියාපටිපාටි ඇතුළුව අධිභාර සමාලෝචන කමිටුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සැපයීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී ඇත.
තවද වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවලට පැමිණිලි කිරීමට විගණකාධිපතිවරයාට බලතල ලබාදීම සහ වාර්ෂික සවිස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව ඉදිරිපත් කිරීමේ කාලය මාස පහේ සිට මාස හයක් දක්වා දීර්ඝ කිරීම ප්‍රධාන වෙනස්කම් අතරට ඇතුළත් වේ.

Share This