පැට්ටාට බලපිටියේදී වෙඩි

-සමන් ගමගේ-
වසරේ මේ දක්වා සිදු වූ අනූඅට වැනි පාතාල වෙඩි තැබීම (09දා) දවහල් බලපිටිය හීනටියන පාරේ පැටිවත්ත ප්‍රදේශයේදී සිදුවිය.
යතුරුපැදියක පැමිණි දෙදෙනකු විසින් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි බලපිටිය මහලදූව ප්‍රදේශයේ පදිංචි පැට්ටා නමැත්තකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පැට්ටා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඔහු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂණ ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් බවද පොලිසිය සඳහන් කරයි.
වෙඩි වැදුණු අය එම ඝාතන නඩුවට පෙනී සිටීම සඳහා අධිකරණය වෙත පැමිණ නැවත ත්‍රිරෝද රථයකින් නිවෙසට යමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.