ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ

2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද (09දා) ආරම්භ වේ.
විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වෙන මෙවර තරගාවලියට කණ්ඩායම් 8ක් ක්‍රීඩා කරයි. මූලික වටයේදී කාණ්ඩ දෙකක් යටතේ තරග වදින අතර ‘ඒ’ කාණ්ඩයෙන් ඉන්දියාව, ඕමානය, පාකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද, ‘බී’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය, හොංකොං සහ බංග්ලාදේශය ද තරග වදියි.
තරගාවලියේ සමාරම්භක තරගය ලෙස අද (09දා) ඇෆ්ගනිස්ථානය සහ හොංකොං අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය බංග්ලාදේශය සමග 13 වැනිදා පැවැත්වෙයි.