රටේ ජනතාවගෙන් හයෙන් එකක් දුප්පතුන් ජනපති ලේකම් කියයි

(දයාසිලි ලියනගේ)
රටේ සමස්ත ජනගහනයෙන් සෑම පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයෙක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතා සඳහන් කරයි.
එම ජනගහනයෙන් සියයට 95.3ක් ග්‍රාමීය හා වතු ආශ්රිත ප්‍රදේශවල ජීවත් වන බවද හඳුනාගෙන ඇත.
එබැවින් ග්රායමී හා වතු ආශ්රිත ජනතාව ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු රාජ්‍ය ආයතන ප්‍රදානීන්ට දන්වා ඇත.
එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණු හා ඉලක්ක ළඟා කර ගැනීමට කටයුතු කිරීම මගින් අවදානම් සහිත පිරිස එයින් මුදා ගත හැකි බවද පෙන්නුම් කරයි.