කඳාන වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් මරුට

කඳාන පොදු වෙළඳසැල අසලදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අද (03) උදෑසන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු මෙම අපරාධය සිදු කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඒ අවස්ථාව වනවිට තුවාලකරුවන් මෝටර් රථයක සිට ඇති බවට තොරතුරු වාර්තා වේ.
අදාළ වෙඩික්කරුවන් පලා ගොස් ඇති අතර, තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති.
ඉන් අනතුරුව 50 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
වෙඩිතැබීම සඳහා යොදා ගත් ගිනිඅවිය පිළිබඳ තොරතුරු සහ වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණ වී නැත.
මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දිවංගත අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර මහතා බව පොලීසිය වැඩිදුරටත් පවසයි.