ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග්ට ජනපති අරමුදලෙන් ලක්ෂ 10ක්

ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග්ට ජනපති අරමුදලෙන් ලක්ෂ 10ක්

රෝගාතුර වී සිටින ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග්ට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා බෙග් ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබාදීමට පොරොන්දු වූ රුපියල් 1,000,000ක චෙක් පතය එම මහතා වෙත ලබා දී ඇත.

ඊට අමතරව බෙග් මහතාගේ සුව දුක් බැලීමට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාද එහි ගියේය.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ද දුරකථනය සම්බන්ධ වී සුවදුක් විමසා ඔහුට නිරෝගී සුවය ප්‍රාර්ථනා කර ඇත.

චන්දන ලක්මාල්

Share This