සමාජ මාධ්‍යවලින් සිදු කරන අපරාධ ප්‍රමාණය ඉහළට

සමාජ මාධ්‍යවලින් සිදු කරන අපරාධ ප්‍රමාණය ඉහළට

සමාජ මාධ්‍යවල සිදු කරනු ලබන අපරාධයන් ශ්‍රී ලංකාව තුළ වින්දිතයන් වීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව facebook, whatsapp ටෙලිග්‍රෑම් we chat ආදී සමාජ මාධ්‍ය ජාලා හරහා මෙම අපරාධයන් සිදුවන බව හඳුනාගෙන තිබේ.

අපරාධකරුවන් පළමු ක්‍රමය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගත හැකි බවට දැන්වීම් පළ කර යම් ව්‍යාපාරයකට මුදල් ආයෝජනයක් කරන ලෙස දැනුම් දීමක් සිදු කරනු ලබයි.

මෙම ආයෝජනය සඳහා සුළු මුදලක් තැන්පත් කරන ලෙසට අපරාධකරුවන් විසින් දැනුම් දී එම සුළු මුදල සඳහා ප්‍රතිලාභයක් වශයෙන් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් ආයෝජනය කළ මුදලට එකතු කර ලබාදීම සිදුකරනු ලබයි.

මෙවැනි පියවරන් කිහිපයකදී ප්‍රතිලාභ ප්‍රමාණය වැඩිකර ගනිමින් ලබාදෙයි.

දෙවන ක්‍රමය ලෙස ඉහත සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නිවසේ සිට රැකියා ලබාගෙන විශාල මුදල් ප්‍රමාණයක් උපයා ගත හැගත හැකි බවත් දැන්වීම් පළකර ඒ සඳහා සම්බන්ධ වන පුද්ගලයින්ගේ ගිණුම් අංකයන් ලබාගෙන එම ගිණුම්වලට බැරවන මුදල්, එම අපරාධකරුවන් විසින් සමාජ මාධ්‍ය ජාලා මගින් දැනුම් දෙනු ලබන ගිණුම් වෙත හුවමාරු කරන ලෙසත් ඒ සඳහා ප්‍රතිලාභයක් වශයෙන් එම ගිණුමට තැන්පත් වන මුදලින් කොමිස් මුදලක් ගිණුමේ හිමිකරුවන්ට ලබාදීම සිදු කරනු ලබයි.

මෙම ක්‍රමවේදය ඔස්සේ ඉහත විස්තර කරන ලද පළමු ක්‍රමය මගින් තැන්පත් කරගන්නා මුදල් විශාල ගිණුම් ප්‍රමාණයක් භාවිතා කරමින් වෙනත් ගිණුම් වලට සංසරණය සිදු කරන බවට විමර්ශන නිලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත.

චන්දන ලක්මාල්

Share This