මෙරට නිෂ්පාදිත ගිනි අවියක් හා පතුරම් තොගයක් අත්අඩංගුවට

හික්කඩුව ප්රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත රිවෝල්වර් අවියක් සහ පතුරම් තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරකට විශේෂ කාර්ය බළකා දකුණු පළාත් විශේෂ විමර්ශණ ඒකකයේ නිලධාරීන් සිදු කළ පරීක්ෂාවකදීය.
සැකකරු හික්කඩුව ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.