වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (10) බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
චන්දන ලක්මාල්