විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රේගු භාරයට

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රේගු භාරයට

රුපියල් හතලිස් එක් ලක්ෂ දස දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (02) දින අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.

ඇය ඩුබායි සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු දෙකක් තුළ විදේශීය නිෂ්පාදිත ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 27,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 137 ක් සගවා ගෙන සිටියදී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම දුම්වැටි තොගය සමග ඒවා රැගෙන ආ ගුවන් මගී කාන්තාව අත් අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

කටුනායක ගයා තිරිමාදුර

Share This