අද වැඩ ආරම්භ කරන පළාත් ආයතන 161

බලය පිහිටුවීම සම්බන්ධයෙන් අර්බුදයක් මතු නොවූ පළාත් පාලනආයතන 161ක ධුර කාලය අදින් (02) ආරම්භ වෙයි.
ඒ අනුව ගැසට් කර ඇති නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන්, උප නගරාධිපතිවරුන් මෙන්ම සභාපතිවරුන් සහ උපසභාපතිවරුන්ට සිය කටයුතු ආරම්භ කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
අර්බුදයක් මතුව නොමැති පළාත් පාලන ආයතන 161ක සභික ලැයිස්තුවක් ඇතුළත් ගැසට් නිවේදනය පෙරේදා (31) නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළේය.