එක්දින සේවය ගැන පාස්පෝට් කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

එක්දින සේවය ගැන පාස්පෝට් කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

පැය 24 පුරාවට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව හෙටින් (30) අවසන් වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ජුනි මස 02 වනදා සිට බත්තරමුල්ල පිහිටි කාර්යාලයේ එක්දින ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව පෙරවරු 07.00 සිට පස්වරු 02.00 දක්වා අයදුම්පත්‍ර භාරගැනීමේ කටයුතු සිදුකරනු ඇත.

එදිනට එක්දින සේවාව යටතේ කලින් දිනයක් වෙන් කර ගනු ලැබු එදිනට නියමිත අයදුම්කරුවන් සඳහා මෙන්ම හදිසි හෝ ප්‍රමුඛ අවශ්‍යතා ඇති අයදුම්කරුවන්ට ද ඉහත කාල සීමාව තුළ තම අයදුම්පත්‍ එක්දින සේවාව යටතේ භාර දිය හැකිය.

ප්‍රධාන කාර්යාලයේ සාමාන්‍ය සේවය යටතේ අයදුම්පත් භාරගැනීම ද පෙරවරු 7.00 සිට පස්වරු 2.00 දක්වා සිදු කෙරෙනු ඇත.

ප්‍රාදේශීය කාර්යාලවල පෙර පරිදි අදාළ කාලයේදී සාමාන්‍ය හා එක්දින අයදුම්පත් භාරගැනීම සිදු කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share This