වැලිඔය වතු යායේ ඉහළ කොටසේ පවුල් 300ක් පමණ අඳුරේ

නෝර්ටන්බ්‍රිජ් විදුලි පාරිභෝගික සේවා හැටන් වැලිඔය වතු යායේ ඉහළ කොටසේ වතු කම්කරුවන් පවුල් 300ක් පමණ පවතින දැඩි අයහපත් කාලගුණය යටතේ විදුලිබලය නොමැති වීමෙන් දැඩි ලෙස පීඩාවට පති වී ඇත.
එම වතුයායට ඇද ඇති විදුලි රැහැනි පද්ධතියක් පවතින දැඩි සුළං සහ අයහපත් කාළගුණ තත්වය යටතේ කැඩීගොස් ඇති බවත්, එම ආපදාව හේතුවෙන් තම වතුයායට දින දෙකක් තිස්සේ විදුල් බලය නොමැති බවත්, මේ පිළිබදව නෝර්ටන්බ්‍රිජ් විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිලධාරින් දැනුවත් කළ ද එයට මෙතෙක් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බවයි විදුලි බලය නොමැති වීමෙන් පීඩාවට පත් හැටන් වැලිඔය ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
තමන් අමතර ආදායමක් ලබා ගැනීම සදහා කුකුල් සත්ව ගොවිපලවල් කිහිපයක් පවත්වාගෙන යන බවත්, විදුල් බලය නොමැති වීමෙන් එම සතුන්ට සීතල දරා ගැනිමට නොහැකිව මිය යැමේ අවධානමක් පවතින බවද වතු කම්කරුවන් කියා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් අප නොර්ටන්බ්‍රිජ් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ නිළධාරියෙකු සම්බන්ධකර ගැනීමට උත්සහ කලද එය ව්‍යර්ථවිය.
ඉන්දික රොෂාන් කළුආරච්චි – හැටන්