ඩයනා ගමගේට එරෙහි නඩුවක් කැඳවන්න දින නියම වෙයි

ඩයනා ගමගේට එරෙහි නඩුවක් කැඳවන්න දින නියම වෙයි

ව්‍යාජ උප්පැන්නයක් ඉදිරිපත් කර හැඳුනුම්පතක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිවරියක වූ ඩයනා ගමගේට විරුද්ධව පැවරූ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබන ජූලි 23දා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කරයි.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ ඊයේ (28) නඩුව කැඳවූ අවස්ථාවේ ඇප මත සිටින විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.

නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළ මහාධිකරණ විනිසුරුවරයා මීලඟ නඩු දින පෙනී සිටින ලෙස පැමිණිල්ලේ 4 වැනි සාක්ෂිකරුට සිතාසි නිකුත් කළේය.

ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දැන දැනම විත්තිකාරියගේ නම ඩයනා ගමගේ යනුවෙන් නිත්‍යානුකූල ලෙස සංශෝධනය කර නොතිබියදී එම නම සඳහන් හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැවටීමේ අදහසින් අංක 4658 දරණ කූට උප්පැන්න ලේඛනයක් පානදුරේදී හෝ කොළඹ දි සකස් කිරීම, ඒ සඳහා අනුබල දීම යන වැරදි සඳහා නඩු පවරා තිබේ.

අකිලා නදීෂානි බණ්ඩාර

Share This