පළාත් කිහිපයකට විටින් විට වැසි

පළාත් කිහිපයකට විටින් විට වැසි

නිරත දිග මෝසම දිවයින හරහා ස්ථාපනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවෙයි.

ඊට අමතරව ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවිය හැකිය.

උතුරු මැද පළාතේ ද වැසි වාර කිහිපයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This