කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලාවක් වැසෙයි

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ next ඇඟලුම් කර්මාන්ත ශාලාව ඊයේ දින සිට වසා දමා ඇති බව වාර්තාවේ .
එහි සේවක සේවිකාවෝ 1400 වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත.
1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්ත ශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර එම නිෂ්පාදන ලන්ඩන් නුවර වෙත අපනයන කළ බවයි.
මේ වන විට කර්මාන්ත ශාලාව ඉබේ අතුරු දමා වසා ඇති අතර ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳී සිටින බව පැවසේ.
මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් ඉදිරි පියවරක් ගැන නොදැනුවත්ව අසරණ වී සිටින බවද වාර්තාවේ.
චන්දන ලක්මාල්