අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව (13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන) යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
ඒ අනුව වෘත්තීය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ දී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය සලකා බලනු නොලැබේ.
මේ සමඟ අමුණා ඇති පාසල් ලේඛනය සහ 12 ශ්‍රේණියට ඇතුළත් වීමේ අයදුම්පත https://moe.gov.lk/2025/05/37984/ සබැඳිය ඔස්සේ ද බාගත කරගත හැක.