දෙහිවල වෙඩි තැබීමේ තොරතුරු එළියට

දෙහිවල වෙඩි තැබීමේ තොරතුරු එළියට

දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පොලිතින් වෙළඳ සලකට පුද්ගලයින් දෙදෙනකු වෙඩි තබා පළාගොස් ඇත.

වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

මත්ද්‍රව්‍ය සහ සංවිධාත්මක අපරාධකරුවෙකු වන බඩෝවිටා අසංක නැමැත්තාගේ ඥාතීන් වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවයි මෙතෙක් සිදුකර විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

බස්නාහිර පළාත් දකුණු බාර නියෝජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකරයි.

චන්දන ලක්මාල්

Share This