යුද හමුදාවේ රැසකට උසස්වීම්

යුද හමුදාවේ රැසකට උසස්වීම්

16 වන රණවිරු දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරින් සහ නිලධාරිනියන් 10,093 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.

එය මැයි මස 19 වන දින සිට බලාත්මක බව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය නිවේදනය කළේය.

එම උසස්වීම්වලට අනුව බළලත් නිලධාරි II නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 225 දෙනෙකු බළලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 816 දෙනෙකු බළලත් නිලධාරි II නිලයටත් උසස් කර ඇති බව එහි දැක්වෙයි.

එමෙන්ම සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 1191 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත්, කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 2302 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 3468 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 2091 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස්වීම් ලබා ඇත.

Share This