කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා අක්‍රමිකතා ගැන විමර්ශනයක්

කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාගවලදී විවිධ අක්රමිකතාවයන් වන බවටත් සමහර ආචාර්යවරුන් ඔවුන්ට හිතවත් සිසුන්ට විභාගයට පෙර විභාගයට එන ප්‍රශ්න හෙළි කරන බවටත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කර වාර්තා කරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කොළඹ විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයාට දැනුම් දී ඇත.
ඇතැම් සිසුන් සමඟ එක්ව විශ්ව විද්‍යාලයේ සමහර ආචාරවරු මෙම අක්රමිකතාවයන් කරන බවට චෝදනා කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් කළ පැමිණිල්ලකට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කොළඹ විශ්ව විද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයාට මෙලෙස දැනුම් දී ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ ඇතැම් ඩිප්ලෝමා පාඨමාලාවන් සම්බන්ධ විභාග වලදී විවිධ අක්රමිකතාවයන් වන බවට එහි උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරණ සිසුන් පිරිසක් කළ පැමිණිල්ලේ පිටපතක්ද යොමු කරමින් කොමිසම වැඩබලන උපකුලපතිවරයාට එලෙස දැනුම් දී ඇත.
ආචාර්යවරුන්ගේ උවමනාවන්ට අනුගත නොවන සිසුන් සමඟ අමණාපයෙන් පසුවන අචාර්යවරියක් අවසන් විභාගයේදී ඇගේ විෂයට පෙනී සිටි සිසුන්ගෙන් අඩක් පමණ අසමත් කිරීම විභාග වලදී විවිධ අක්රමිකතාවයන් වන බවට කදිම උදාහරණයක් බව ප්‍රතිපාදන කොමිසමට පෙන්වා දී ඇති සිසුහු විභාග සඳහා සම්මත ක්‍රමවේද, කණ්ඩායම් ව්‍යාපෘති, ලකුණු දීමේ සම්මත ක්‍රමවේද, විශ්ව විද්‍යාල පාඨමාලාවන් සඳහා ඇති සම්මත ක්‍රමවේද, සියල්ල ඇතැම් ආචාරවරුන්ගේ උවමනාවන් මත පසෙක දමා ඇතැයිද ව්‍යාපෘති සඳහා සහභාගි නොවු ඇතැම් සිසුන්ට සමහර ආචාර්්‍යවරු ලකුණු ලබාදුන් අවස්ථාවන්ද පෙන්වා දී ඇත.
විෂයට අදාළව දී තිබු මාර්ගෝපදේශවල සඳහන් ලකුණුදීමේ ක්‍රමවේදය වෙනස් කර අවසන් විභාගයේදී ලකුණු දීමට එක්තරා අචාර්්යවරියක් කටයුතු කර ඇතැයිද මේ පිළිබඳව කොළඹ විශව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු සියළු දෙනාට පැමිණිලි කර ඇතැයි ප්‍රතිපාදන කොමිසමට දැනුම් දී ඇති සිසුහු විශ්ව විද්‍යාලයේ ඇතැම් ආචාරවරු කරන අක්රමිකතාවයන් සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඉහළම තත්වයක් පවත්වාගෙන යන බව කියන කොළඹ විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවන්ගේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටිති.
ශිරාන් රණසිංහ