නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
එහිදී ෂැම්පූ පැකට් තුන්දහස් දෙසීයක්, රූපලාවණ්‍ය ආලේපන තුන්සිය හැත්තෑ හයක් සහ රූපලාවන්‍ය සබන් හැත්තෑ පහක් ඇතුළු රූපලාවණ්‍ය ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණය විසින් පසුගිය 16 වැනි දින මන්නාරම උතුර කිරන්චි මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු පාර්සල් දෙකක් පරික්‍ෂාවට ලක් කරන ලදී.
එහිදී මෙම රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩ බිමට රැගෙන ඒමට නොහැකිව මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැක කෙරේ.
මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.