මෙරට බියර් ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක්

මෙරට තුළ බියර් නිෂ්පාදනයේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය නොකරන බවත් ඊට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ, සිවිල් බුද්ධ පෙරමුණේ කැඳවුම්කරු වන සංජය මහවත්ත විසිනි.
වර්ෂ 1913 සුරා බදු පනතට අනුව බියර් නිෂ්පාදනයේදී සිනී සහ සහල් භාවිත කිරීම තහනම් කර ඇත.
කෙසේ වෙතත් ධාන්‍යවලට වඩා මුදලකට සහල් සහ සීනි ලබා ගත හැකිවීම හේතුවෙන් වර්තමානයේදී බියර් නිෂ්පාදනය සඳහා එම ද්‍රව්‍ය භාවිත කරන බව ද හෙතෙම චෝදනා කළේය.