ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ප්‍රදේශ රැසකට නායයෑමේ  අනතුරු ඇඟවීම් නිකුත් කරයි

පවතින අධික වැසි හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑම නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව ගාල්ල මාතර කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට පළමු අදියරේ නාය යෑම නිවේදනයක් නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේය

ඉදිරි පැය 36දී බස්නාහිර සබරගමුව දකුණ සහ වයඹ පළාත් වලත් මහනුවර සහ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මි. 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

චන්දන ලක්මාල්

Share This