දේශබන්දු තෙන්නකෝන්ට ඇප ලැබෙයි

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇප මුදාහැරීමට මාතර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඒ, රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මතයි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා අද (10) පෙරවරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.
2023 දී වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව වරෙන්තු ලැබ සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය 19 වැනිදා මෝසමක් මාර්ගයෙන් අධිකරණයට භාර වුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පොලිස්පතිවරයා රිට් පෙත්සමක් ගොනු කිරීමටයි, කටයුතු කළේ.
එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පසුගියා 17 වැනිදා පියවර ගත්තා.