කොකෙන් මත්ද්‍රව්‍ය සමඟ සූපවේදිනියක් අත්අඩංගුවට

කොකෙන් මත්ද්‍රව්‍ය සමඟ සූපවේදිනියක් අත්අඩංගුවට

ඉන්දියාවේ මිසෝරාම් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සුපර්වේදී සැකකාරියක් රුපියල් 65,760,000 කොකෙන් මත්ද්‍රව්‍ය සමඟ ඊයේ (06) අලුයම අත්අඩංගුවට ගත් බව කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

ඇය ඉන්දියාවේ චෙන්නයි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත.

මෙම සැකකාරිය මීට පෙර තුන් වරක් මෙරටට පැමිණ ඇති බව විමර්ශනවලදී අනාවරණයවී ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය කාරාංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඇය විසින් රැගෙන ආ ගමන් බෑගයෙ ව්‍යාජ පතුලක් තුල පොලිතින් ඇසුරුවකින් ඔතා මෙම මත්ද්‍රව්‍ය සඟවාගෙන තිබූ බවය.

චන්දන ලක්මාල්

Share This