ප්‍රදේශ රැසකට තද වැසි

ප්‍රදේශ රැසකට තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (07) දිනයේදී සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසී ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම දකුණු ඌව සහ උතුරු මැද පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.

12.12. ට කොළඹ අවිස්සාවේල්ල තලවකැලේ දිඹුල ගලකුඹුර සහ දඹගල්ල යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

චන්දන ලක්මාල්

Share This