බෝතල් කළ පානීය ජල බෝතල්වලට උපරිම මිලක්

බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නව ගැසට් පත්‍රයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර තිබේ.
ඒ, 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත (සංශෝධිත) 20(5) වැනි වගන්තිය යටතේය.
ඒ අනුව පොලිඑතිලීන් ටෙරෙප්තලේට් (PET) නමැති බෝතලයේ ප්‍රමාණය මෙහි මිල ගණන් තීන්දු වන ඇත.
නව ගැසට් පත්‍රය මඟින් මිලිලීටර් 500-999ත් අතර බෝතලයක මිල රුපියල් 70ක් ලෙස තීරණය කර තිබේ.
ලීටරයත් ලීටර 1.499ත් අතර බෝතලයක මිල රුපියල් 100ක් ලෙසත් ලීටර 1.5 – ලීටර 1.999 අතර බෝලතයක මිල රුපියල් 130ක් ලෙසත් පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.
ලීටර 2 – ලීටර 2.499 අතර බෝලයක මිල රුපියල් 160ක් වන අතර ලීටර 5 – ලීටර 6.999 අතර පානීය ජල බෝතලයක මිල රුපියල් 350ක් ලෙස නියම කිරීමට එම අධිකාරිය කටයුතු කර ඇත.
මෙම මිල ගණන් අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක බව අදාළ ගැසට් පත්‍රයේ වැඩිදුරටත් දැක්වෙයි.