සිරදඬුවම් නියම වූ එස්.එම් රංජිත්ගෙන් අභියාචනයක්

සිරදඬුවම් නියම වූ උතුරුමැද පළාත් හිටපු අමාත්‍ය එස්.එම් රංජිත් මහතා සහ ශාන්ති චන්ද්‍රසේන මහත්මිය ඇප අයදුම්පතක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ඔවුන් දෙදෙනාට වසර 16ක් බැගින් සිර දඬුවම් නියම කිරීමටයි කොළඹ මහාධිකරණය ඊයේ (02) නියෝග කළේ.
ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, නඩු විභාගයේදී තමන් විසින් ඉදිරිපත් කළ කරුණු මහාධිකරණ විනිසුරුවරයා විසින් තීන්දුව ලබාදීමේදී සැලකිල්ලට භාජනය කර නොමැති බවයි.
අදාළ අභියාචනය නීතිඥවරුන් මාර්ගයෙන් කොළඹ මහාධිකරණයට භාරදී ඇති බව සඳහන්. තමන්ව අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
සබැඳි පුවත්..