ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට සභාපතිවරයකු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතින් පත්වීම් ලබයි.

ඒ් අනුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස මෙහිදී සම්මානලාභී ලේඛකයකු, විචාරකයකු හා මාධ්‍යවේදියකු වන ප්‍රියාන් ආර් විජේබණ්ඩාර පත් කරයි.

පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ලෙස ආචාර්ය අනුෂ්කා කහඳගමගේ, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ, මාධ්‍යවේදිනි මහීෂා මූදුගමුව සහ මාධ්‍යවේදී දේවදාසන් සෙන්දිල්වේලවර් යන මහත්ම මහත්මීන් අමත්‍ය නලින්ද ජයතිස්ස අතින් පත්වීම් ලබයි.

(මුදිතා දයානන්ද)

 

Share This