එක්සත් රාජධානිය පැන වූ සම්බාධක ගැන අධ්‍යයනය කරන්න කමිටුවක්

එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලාංකීකයන් සිව් දෙනෙකුට එරෙහිව පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ගත යුතු නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට කමිටුවක් පත් කර තිබෙනවා.
විජිත හේරත් සහ නීතිඥ හර්ෂණ නානායක්කාර යන අමාත්‍යවරුන් මෙන්ම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර එම කමිටුවේ සාමාජිකයන් වනවා.
එම කමිටුවේ කාර්යයන් සඳහා අවශ්‍යයැයි සැලකෙන, අදාළ විෂය පිළිබඳ ප්‍රවීණතාවක් සහිත අන් කවර හෝ නිලධාරියකුගේ හෝ නිද්වතකුගේ සේවය ලබාගැනීමට කමිටුව වෙත බල පැවරීමටත් අමාත්‍ය මණ්ඩලයේ එකඟත්වය හිමිව තිබෙනවා.