දේශපාලන පක්ෂවලට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල විශේෂ කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීම් සිදු කර තිබෙනවා.
ඒ් අනුව නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කරන ලද නාමයෝජනා පත්රයේ එක් පිටපතක් පමණක් පමණක් ඒ සඳහා අමුණා තිබිය යුතුයි.
සියලු ඇමුණුම් සහිතව නියමිත කාලසීමාව තුළ අදාළ දිස්ත්රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත භාර දිය යුතු බවයි, මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී ඇත්තේ.
එමෙන්ම තරුණ අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳහා අතිරේක දිස්ත්රික් රෙජිස්ට්රාර්වරයකු විසින් සහිතක කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතු වනවා.
එසේ නොමැති විටක සාමදාන විනිශ්චයකාරවරයෙකු හෝ දිවුරුම් කොමසාරිස්වරයකු විසින් සහතික කළ වයස සනාථ කෙරෙන දිවුරුම් ප්රකාශයක් නාමයෝජනා පත්රයට අමුණා තිබිය යුතුයි.