සා.පෙළ ලියන දරුවන් පැය පහක් නිදාගත යුතුයි

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් පැය පහක්වත් නිදා ගැනීම ඉතා වැදගත් බව මනෝ වෛද්‍යවරු කියා සිටිති.
වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දරුවන්ට අනිසි බලපෑම් නොකරන ලෙසයි.
සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් යහපත් මනසකින් සිටීම ඉතා වැදගත් වනඅතර මෙම දරුවන්ට නින්ද අඩුවීම මතක ශක්තිය සෘජුව බලපෑම් හැකිවිය හැකි.
දෙමව්පියන්ගේ බලපෑම් හේතුවෙන් මෙම දරුවන් බිය වීම නිසා අදාළ විෂයන් සමහර වෙලාවට අමතක වීම හේතුවෙන් තමන්ගේ මනසට එයින් බලපෑම් ඇතිවිය හැකියි.
එම නිසා විභාගයට මුහුණ දෙන්න දරුවන් නිරෝගී ආහාර වේලක් ලබා ගැනීමට වැදගත් වන අතර එම කාලය තුළ කාලකෝලාහලවලට සම්බන්ධ නොවී යාළුවොත් එක්ක විනෝද ගමන් නොයා යහපත් මනසකින් විභාගයට මුහුණ දෙන මෙන් දරුවන්ගෙන් ඉල්ලා සිටින බව මනෝ වෛද්‍යවරුන් ඉල්ලා සිටියි.
චන්දන ලක්මාල්