කොරියාවෙන් ‘හරක් මස් රසැති අලුත් සහල් වර්ගයක්’

අභ්‍යවකාශ හා ග්‍රහලෝක ගවේෂණවලදීත් පිසිය හැකියි

කොරියාවෙන් ‘හරක් මස් රසැති අලුත් සහල් වර්ගයක්’

දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිසක් විසින් අලුත් සහල් වර්ගයක් නිපදවලා තිබෙනවා.

දකුණු කොරියාවේ අගනුවර වන සෝල්හි විද්‍යාඥයන් පිරිසක් විසින් හරක් මස් සෛල මුසු කළ අලුත් සහල් වර්ගයක් නිර්මාණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම නව සහල් වර්ගය ඉදිරියේ දී මස් කෑමට ප්‍රිය කරන බොහෝ දෙනෙකුට අපූරු ආහාරයක් වනු ඇති බවයි එම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව හරක් මස්වල ඇති පෝෂණ ගුණය මෙම සහල්වලට අන්තර්ගත කිරීමට එම විද්‍යාඥයෝ සමත්ව තිබෙනවා.

අනාගතයේ අභ්‍යවකාශ කටයුතුවලදීත්, ග්‍රහලෝක ගවේෂණයේදීත් පහසුවෙන් සකසාගත හැකි පෝෂණ ගුණයෙන් පිරුණු සහල් වර්ගයක් ලෙස මෙම ‘මස් සහල්’ හඳුන්වා දීමට ද විද්‍යාඥයන් බලාපොරොත්තු වන බව සඳහන්.

එම නව සහල් වර්ගය රෝස පැහැති අතර ඉන් බටර් සුවඳක් හමන බවයි වාර්තා වන්නේ.

Monara

Share This