තැපැල් වෘත්තිය සමිති වැඩ වර්ජනයකට සූදානම් වෙයි

තැපැල් වෘත්තිය සමිති ලබන 18 වැනිදා වර්ජනයක් සිදු කිරීමට සැලැසුම් කර තිබෙනවා.
ඒ, සේවක බඳවා ගැනීම්, පත් කිරීම්, උසස් කිරීම් සහ වැටුප් වර්ධක ගැටලු රැසකට විසඳුම් ඉල්ලමින්.
මෙම ගැටළු සම්බන්ධව තැපැල්පතිවරයා සමග ද සාකච්ඡා කළ බවත් එහිදී හෝ කිසිදු සාධනීය පියරක් සම්බන්ධව තීරණයක් ගැනීමට අපොහොසත් වූ බවත් සමිතියේ ප්‍රකාශකයෙක් කියා සිටියා.
ඒ හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.