හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කුඩු කළ සිද්ධියේ ඇත්තම කතාව මෙන්න

පසුගිය 04 වැනිදා හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට උප්පැන්න සහතිකයක් ගැනිමට පැමිණි පුද්ගලයෙකු එය ලබා ගැනීමට ප්‍රමාදවිම හේතුවෙන් එහි නොසන්සුන්කාරී ලෙස හැසිර ඇති බව පොලිසිය පවසනවා.
එදිනම ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි, හම්බන්තොට පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
මෙම පුද්ගලයා ඉකුත් 4 දා හම්බන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ සිය පියාගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ඉල්ලා තිබෙනවා.
එයට අදාළ ලේකන පුරවා භාරදිමෙන් පසුව එය ලබාදීමට ප්‍රමාද වුණැයි මෙම පුද්ගලයා කාර්යාලයේ කිහිප දෙනකුගෙන් විමසීම් කර ඇති බව සදහන්.
ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හා ප්‍රමාදය තවදුරටත් සිදුවන හෙයින් කාර්යාලය තුළට ගොස් පුටුවක් ගෙන මේසයට හා වීදුරු ජනෙල්වලට පහරදීමටයි කටයුතු කර ඇත්තේ.
අදාළ සිද්ධියට සම්බන්ධ වීඩියෝව සමාජ මාධ්‍ය තුළ හුවමාරුවීමත් සමග මේ වනවිට එම දැඩි කතාබහක් නිර්මාණයවී තිබෙනවා.