දකුණු කොරියාවේ ප්‍රහාරක ජෙට් යානා දෙකක් හෙළූ අහඹු බෝම්බවලින් පුද්ගලයින් රැසකට තුවාල

දකුණු කොරියාවේ සිවිල් දිස්ත්‍රික්කයක සජීවී-ගිනි හමුදා අභ්‍යාසයක් අතරතුර ප්‍රහාරක ජෙට් යානා යුගලයක් අහම්බෙන් බෝම්බ අටක් හෙළීමෙන් පුද්ගලයින් පහළොස් දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඉන් දෙදෙනෙකු බරපතල බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
දකුණු කොරියාවේ ගුවන් හමුදාව පවසන්නේ සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත් හානියට සමාව අයැද සිටින බවත්, එය විපතට පත් වූවන්ට වන්දි ලබා දෙන බවත් දකුණු කොරියාවේ ගුවන් හමුදාව පවසයි.
මෙය සිදුවන්නේ උතුරු කොරියාව සහ රුසියාව අතර වර්ධනය වන සන්ධානය පිළිබඳව දෙරට වැඩි වැඩියෙන් සැලකිලිමත් වන අවස්ථාවකදී ය.
සඳුනි තිලකරත්න